පානදුර පොලිසියේ නිලධාරීන් 5 ක් ස්වයං නිරෝධනයට


කොරෝනා වෛරසය ආසාධිත මියගිය තරුණයෙකුගේ  පරීක්ෂණ   කටයුතු වලට  සහභාගි වූ  පානදුර  පොලිසියේ  කාන්තා නිලධාරිනියක් ඇතුළුව  පොලිස් නිලධාරීන් 5 දෙනෙකු ස්වයං  නිරෝධනයට ලක් කිරීමට අද (2) පියවර ගත් බව ජේෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය

පොලිස් පරීක්ෂක වරයෙක් , උප පොලිස් පරීක්ෂක වරයෙක්, පොලිස් සැරයන් වරයෙක් ,  පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල් වරියක් මෙලෙස නිරෝධනයට  ලක්කර ඇත .

පා​නදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ  නිලධාරිනියක් ඇතුළු නිලධාරීන් සිව් දෙනෙකු හා පානදුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් නිලධාරියකු මෙලෙස නිරෝධාය ට ලක් කර ඇත

ඉකුත් 31 වෙනි දින පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයෙක් ගෙන වැලලාගෙන මිය යාමෙන් අනතුරුව   පශ්චාත් මරණ පරීක්ෂණයට සමගාමීව සිදු කළ  පි සි ආර් පරීක්ෂණයේදී එම තරුණයා ට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට අනාවරණය විය

  ඒ හේතුවෙන්  පරීක්ෂණ කටයුතු වලට සහභාගි වූ  පොලිස් නිලධාරීන් මෙලෙස නිරෝධානයට  කලබව ජේෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසීය



Recommended Articles