පානදුර කරපිංචා වෙළෙන්දා කඩ කාමරයේදීම මරුට


පානදුර පොදු වෙළද පොලේ තිබී අද (11) උදැසන පුද්ගල මළසිරුරක් හමුව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි .

මෙසේ හමුවී ඇත්තේ පානදුර එළවළු වෙළෙඳ පොලේ අංක 11 දරණ කඩ කාමරයේ කරපිංචා අලෙවි කරමින් එම වෙළද කුටියේම පදිංචිව සිටී අයෙකු බවයි පොලිසිය පවසන්නේ .

මියගොස් ඇති පුද්ගලයාගේ නිවැරැදි අනන්‍යතාව මෙතෙක් තහවුරුව නැති බවත් , මියගොස් ඇති හේතුව මෙතෙක් අනාවරණයවී නැතැයි පොලිසිය කියයි .

පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සැරයන් සුනිල් ශාන්ත (65985) පරීක්ෂණ පවත්වති.

පානදුර සුමිත් ප්‍රේමතිලක 



Recommended Articles