පාද 04ක කුකුලු පැටවෙකු යාපනයෙන්


යාපනය අච්චුවේලී කාලානෙයි ප්‍රදේශයේ පිහිටි කුකුලු ගොවිපලක කිකිලියකට පාද 4 ක කුකුලු පැටවෙකු ලැබී ඇතැයි එම ගොවිපලේ හිමිකාරිය පැවසුවාය.

කාලානෙයි ප්‍රදේශයේ පදිංචි මහාරාජා ගෞරි නැමැති කාන්තාව ජීවනෝපාය වශයෙන් කුකුලු ගොවිපලක් පවත්වාගෙන යන අතර එහි සිටි කිකිලයකට බිත්තර 6 ක් රැක්කවීමට තැබූ පසු උපත ලැබූ කුකුල් පැටවුන් 6 දෙනාගෙන් එක් කුකුල් පැටවෙකුට පාද 4 ක් ඇති බවට දැක ඇත.

අනතුරුව අදාල කුකුල් පැටවා ආරක්ෂාකාරීව පරික්ෂා කොට ඇති අතර කුකුල් පැටවා නිරෝගීව සිටීම හේතුවෙන් සෙසු පැටවුන් සමගම තැබීමට හිමිකාරිය විසින් පියවර ගනු ලැබුවාය.

කෙසේ වෙතත් පාද 4 කුකුල් පැටවා බැලීම සඳහා ප්‍රදේශවාසීන්ද පැමිණෙමින් සිටිති.



Recommended Articles