පාතාල සාමාජිකයන් දෙදෙනෙක් ලක්ෂ 13ක මත්කුඩු සමග අත්අඩංගුවට


පාතාල නායකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ ගෝලයන් දෙදෙනෙක් රුපියල් ලක්ෂ 13කට  අධික වටිනා  හෙරෝයින්  මත්කුඩු සමග  දෙමටගොඩ සිරිධම්ම මාවතේ  256 වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

එම සැකකරුවන් දෙදෙනා සමග මත්කුඩු ග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් පොලිස් භාරගෙන ඇත.

බූස්ස බන්ධනාගාරය රඳවා සිටින දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ උපදෙස් මත හෙරෝයින්   මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන් දෙදෙනෙක් දෙමටගොඩ 256 වත්තේ ,සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරන්ග ප්‍රනාන්දු  මහතාට ලද තොරතුරක් අනුව ,පොලිස් උපාය දූතයන් යොදවා දින ගණනාවක් තිස්සේ සිදුකළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවන් දෙදෙනා මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීම ට හැකිවූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 27 සහ 30 වයස් සීමා වල   අය බව පොලිසිය කියයි 

සැකකරුවන් අධිකරණය ඉදිරිපත් කිරීම ට නියමිතයි .

                     

 



Recommended Articles