පාතාල සමාජිකයෙක් ගිනිඅවි සමඟ අත්අඩංගුවට


සිරගත කර සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘පොඩි ලැසී‘ නැමැත්තාගේ සමීපතමයෙක් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා කොළඹ මුලස්ථානයට ලද තොරතුරක් මත එම වැටලීම සිදුකර ඇත.

මීටියාගොඩ, දෙල්වත්ත ප්‍රදේශයේ දී එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ස්ථානයේ නිවසක වහලය මත සඟවා තිබු ටී 56 ගිනිඅවියක් ද සොයා ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා මේ වන විට මීටියාගොඩ පොලීසියට භාර දී ඇත.

 

 



Recommended Articles