පාත්ෆයින්ඩර් පදනම සහ සේද මාවතේ මිතුරෝ කොවිඩ් -19 අත්දැකීම් හුවමාරු කරගනිති


පාත්ෆයින්ඩර් පදනම සහ සේද මාවතේ මිතුරෝ එකතු වී කොවිඩ් -19 වයිසරයේ ව්‍යාප්තිය හා මැඩ පැවැත්වීම සම්බන්ධයෙන් දෙරටේ අත්දැකීම් හුවමාරු කරගැනීමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ.

මෙම අදහස් ඇසුරෙන් සැකසුනු විශේෂ රූපවාහිනී වැඩසටහනක් මැයි 13 බදාදා පස්වරු 6.00 ට වැනල් වන් නාලිකාව විකාශය කරයි.

මහාචාර්ය අද්මිරාල් ජයනාත් කොළඹගේ සහ වෛද්‍ය ජීවක සී. ප්‍රේමරාජා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර චීනය නියෝජනය කරමින් මහාචාර්ය වෙන්ග් වෙයිවි සහ මහාචාර්ය වෛද්‍ය දායි යොන්හොන්ග් යන මහත්වරු සහභාගී වූහ.


 



Recommended Articles