පාඨලී හා රිෂාඩ් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කළේ නැතිලු


යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක මහතා හා රිෂාඩ් බද්යුදීන් මහතා ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

අද (06දා) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ පාඨලී හා රිෂාඩ් ආණ්ඩුවට එක්වීමට සාකච්ඡා කර ඇතිද යන්න පිළිබඳව මාධ්‍ය යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.



Recommended Articles