පාඨලී, රාජිත, අර්ජුන, විජේදාස, අනුර කුමාර ඇතුළු 17ක් දේශපාලන පළිගැනීම් සොයන ජනපති කොමිසම හමුවට


පසුගිය රජයේ ප‍්‍රබල අමාත්‍යවරුන්, නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන්, හමුදාපතිවරු,  පොලිස් නිලධාරීන් ඇතුළු 18 දෙනෙකුට ලබන 17 වැනිදා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිෂන් සභාවට කැ`දවනු ලැබ ඇතැයි වාර්තා වේ.

ඇවන්ගාඞ් සමාගම අත්තනෝමතිකව රජයට පවරා ගත් බව කියමින් එහි සභාපති නිශ්ශංක සේනාධිපති මහතා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් සාක්කි විමසීම සඳහා මෙම නිලධාරීන් කොමිසමට කැඳවමින් මෙලෙස නොතිසි නිකුත් කොට ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග ස`දහන් කරයි.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් මෙලෙස නොතිසි නිකුත් කොට ඇත්තේ හිටපු අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න,  අර්ජුන රණතුංග හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඇතුළු 17 දෙනෙකුට මෙසේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් නොතිසි නිකුත් කොට ඇත.



Recommended Articles