පාකිස්තානු අගමැති දිවයිනට


පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා ඇතුළු දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

එතුමා සමග දූත පිරිස 40 දෙනෙකු පැමිණ සිටියහ .

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් කාන් මැතිතුමා පකිස්තාන ගුවන් හමුදාවට අයත් Pak 2 දරන විශේෂ ගුවන් යානයෙන් අද දින සවස 4.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

 



Recommended Articles