පාකිස්තානයේ සිටි සිසුන් 113ක් ගෙන එයි


පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් සිටියදී , කොවිඩ් - 19 වසංගත රෝගී තත්වය නිසා , ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටි සිසුන් 113 ක් 4/21 දින සවස ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මගින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන එනු ලැබීය.

ඔවුන් 4/21 දින සවස 6.05 ට පකිස්තානයේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි. පාකිස්තානයේ ලාහෝර් නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 93 ක් ද , කරච්චි නුවර ගුවන් තොටුපළෙන් සිසුන් 20 ක් ද මෙම ගුවන් යානය තුළට පිවිසී සිටියහ.

මෙම සිසුන් සියලු දෙනා ගුවන් යානය තුළත් , සෞඛ්‍යාරක්ෂිතව , දුරස්ථභාවයකින් යුතුව අසුන් ගන්වා තිබුණි.

ගුවන් යානයෙන් බැස ගුවන් තොටුපළ වෙත ඇතුළු වූ එම සිසුන් සියලු දෙනා සහ ඔවුන් රැගෙන පැමිණි ගමන් මලු සියල්ල ද , ගුවන් තොටුපළ තුළදී විෂබීජහරණය කිරීමකට ලක් කෙරුණි.

එසේම ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය මැන බලමින් , ඔවුන්ට කොවිඩ් - 19 රෝග ලක්ෂණ තිබේදැයි ගුවන් තොටුපළ තුළ දී විමසිලිමත් වීමක් ද සිදු කෙරුණි.

ඉන්පසුව මෙම සිසුන් ශ්‍රී ලංකා යුධ හමුදාව මගින් විශේෂ බස් රථ 05 ක් මගින් නිරෝධනය කටයුතු සඳහා එම මධ්‍යස්ථාන වෙත රැගෙන යෑමට පියවර ගෙන තිබුණි.



Recommended Articles