පාකිස්තානයට ප්‍රභල භුමිකම්පාවක්


පාකිස්තානයේ සිදුවූ ප්‍රභල භූමිකම්පාවකින් අවම වශයෙන් මේ වන විට පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිය ගණනක් තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. උතුරු පාකිස්තානයේ සිදුවූ මෙම භූකම්පනය ඇෆ්ගනිස්ථානයට මෙන්ම ඉන්දියාවටද දැනී තිබේ.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්ථානයේ මෙන්ම ඉන්දියාවේ මරණ වාර්තා නොවෙයි. රික්ටර් මාපාංකය 6.5ක් ලෙස සටහන් වූ මෙම භූකම්පනය ඉන්දියාවේ නව දිල්ලි අගනුවරටත් දැනී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

 



Recommended Articles