අද අළුයම් කාලයේ පදියතලාව, මරංගල ප්‍ර දේශයේදී පුද්ගලයෙක් විසින් නිවසකට ඇතුළු වී එම නිවසේ සිටි තරුණියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇයගේ මව හා පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි පොලීසිය කියයි. පසුව ඒම සැකකාර පුද්ගලයාද දිවි නසාගෙන තිබේ.
මරණකාරිය අවුරුදු 22 ක් වූ මරංගල ප්‍ර දේශයේ පදිචිකාරියක් වන අතර සියදිවි නසාගෙන ඇති සැකකරු අවුරුදු 31 ක් වූ මොනරාගල පදිචිකරුවෙකි.
මරණකාරිය හා මරණකරු අතර පැවැති ප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ආරවුලක් මත මෙම සිදුවීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අණාවරණය වී තිබේ.