ප්‍රියන්ත ජයකොඩි අද අධිකරණයට


අසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා තමන්ට මරණ තර්ජන කළ බවට ප්‍රියන්ත ජයකොඩි මහතා පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

කෙසේ වෙතත් විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම තර්ජනය අසත්‍ය බවත් එය ප්‍රියන්ත ජයකොඩි මහතාගේම සැලසුමකට අනුව ඔහුට හිතවත් පුද්ගලයෙක් හරහා සිදුකරගෙන ඇති බවත්ය.

මේ වන විට ප්‍රියන්ත ජයකොඩි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ භාරයේ රාගම පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවේ.



Recommended Articles