පාකිස්ථානයේ දී අන්තවාදීන් විසින් ප්‍රියන්ත කුමාර දියවඩන මහතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
ආගමට මුවා වී සිදු කරන්නා වූ මෙවැනි බිහිසුණු අන්තවාදී සාහසික අපරාධයන් නිසා උද්ගතවන ඛේදනීය තත්ත්වයන් නවතාලන්නට සෑම රටකම නායකයින් දැඩි පරිශ්‍රමයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

