ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට


මදුරාවල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී සුදත් ගාමිණිදාස විදුලිබල මණ්ඩලයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ,  නිවසේ විදුලි මීටරය වෙනසක් කර වංචනිකව විදුලිය ලබාගැනීමේ චෝදනාව යටතේයි.

අත්අඩංගුවට ගැණුනු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හොරණ පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා. ඔහු අද දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

 



Recommended Articles