පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 29ක් සඳහා පනවා තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (19) පියවර තිබේ.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, ඇල්පිටිය, නෙළුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුනුවර, උඩදුම්බර, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, රුවන්වැල්ල, අරණායක, රඹුක්කන, කෑගල්ල, බුලත්කොහුපිටිය, යටියන්තොට, ගලිගමුව, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරලය, ලග්ගල, නාඋල, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, ඉඹුල්පෙ, ඇහැලියගොඩ, හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ පළමු වන මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස දැනුම්දීමේ නිවේදන නිකුත් කොට තිබේ.
අද (19) පස්වරු 4.00 සිට හෙට (20) පස්වරු 4.00 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

