ප්‍රසන්න රණතුංගගේ නිවසට පහරදුන්නැයි මහාචාර්ය නාහිමියෝ බාර වෙති


පසුගිය මැයි මස 9 වෙනි දින ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලදී ගම්පහ , උඩුගම්පොල පිහිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අලුතපොල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති නැදලගමුවේ ධමමජින්න නාහිමි අද (27දා) උදෑසන බාරවූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි. 

මෙලෙස පොලීසියට බාරවූ කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ධම්මජින්න  නාහිමිගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත්‍රාත්අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  පියවර ගන්නා පොලිස් ප්‍රකාශකයෙකු පැවසීය. 

ගම්පහ තිලකරත්න දිසානායක

 

 



Recommended Articles