ප්‍රසන්න මනී එක්ස්චේන්ජ් සමාගමේ බලපත්‍රය අහෝසියි


ඉහළ විනිමය අනුපාත පිරිනමන බවට මහජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා මහ බැංකුවෙහි  විදේශ විනිමය දෙපාර්තමේන්තුව විසින් ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමෙහි බලපත්‍රය අහෝසි කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

ඒ අනුව, විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පුද්ගලික) සමාගමට නිකුත් කර ඇති බලපත්‍රය අද (31දා) සිට බලපැවැත්වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර ඇත.



Recommended Articles