ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි


ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී ඇ​ත. මියයන විට ඔහු 71 වන වියේ පසු විණි. 

වසරකට අධික කාලයක් අසනීපව සිටි ඒ මහතා ගල්කිස්ස කලා පුරයේ, පිහිටි සිය නිවෙසේදී අභාවප්‍රාප්ත වූ බව ඒ මහතාගේ ඥාතීන් සඳහන් කර සිටියේ​ය.

වර්තමාන නර්තන ක්ෂේත්‍රයේ සිටින බොහෝ නර්තන ශිල්පීන් කුලසිරි බුදවත්ත මහතා යටතේ ශිල්ප හදාරා තිබේ.

මේ වන විට ඒ මහතාගේ දේහය පීසීආර් පරීක්ෂණ සඳහා ගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දීමට නියමිතය.

 



Recommended Articles