ප්‍රමිතියෙන් තොර සමාගමකින් පිළිකා ඖෂධ මිලදී ගැනීමට යනවා - GMOA


ප්‍රමිතියෙන් තොර පිළිකා ඖෂධ ලබාදුන් සමාගමකින් ඉදිරි වසර දහයක කාලයකට පිළිකා ඖෂධ මිලදී ගැනීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත මෙම කටයුත්ත සිදුවන බවත්, මේ නිසා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙම ක්‍රියාවට සම්බන්ධ පිරිස්වලට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

මෙම සමාගමෙන් මීට පෙර ලබාදුන් පිළිකා ඖෂධ ප්‍රමිතියෙන් තොර බවට ඔප්පු වී තිබියදීත් මෙම ක්‍රියාව සිදුකරමින් රෝගී ජීවිත අනතුරට දැමීමට සැලසුම් කර තිබෙන බවද කියා සිටියේය.



Recommended Articles