ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්


මධ්‍යම, සබරගමුව, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිමේ වැඩි හැකියාවක් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් ඇතිවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අද රාත්‍රී 11.30 වන තෙක් මෙම අනතුරු ඇඟවීම වලංගු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles