ප්‍රභල අකුණු හා තද වැසි ගැන රතු නිවේදනයක්


ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳව අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඌව, මධ්‍යම, සබරගමුව, දකුණු, බස්නාහිර, වයඹ පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 



Recommended Articles