ප්‍රභල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්


ප්‍රභල අකුණු පිලිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 1.30ට නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 11.30 තෙක් වංගු වෙයි.මේ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.



Recommended Articles