ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති වැඩසටහනේ ප්‍රධාන අරමුණුවලට පටහැණිව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් වයඹ පළාත සඳහා අවස්ථා තුනකදි රුපියල් දෙකෝටි, අසුදෙලක්ෂ, පනස්දෙදහස්, තුන්සියහැත්තෑහයක් වටිනා (28,252,376) කාර්යාල උපකරණ මිලදි ගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
එමෙන්ම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණු වලට අනුකුල නොවන ඉදිකිරිම් 05ක් සිදුකොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මෙකි ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණවන්නේ රටේ තෝරාගත් ප්‍ර දේශවල වැඩි අවධානමකින් යුත් ජන කණ්ඩායම්වල බෝනොවන රෝග හදුනාගැනිම සහ කළමණාකරණය සදහා අවධානය යොමුකිරිමය. එතුලින් උපයෝජනය හා ප්‍රාථමික සෞඛ්‍යසේවා වැඩිකිරිම බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ව්‍යාපෘති අරමුණ තුල වියදම් දැරිම කළයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ සම්බන්දයෙන් ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ සිදුකරණ ලද සියලුම කාර්යන් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරිම සදහා සිදුකොට ඇති බවය.
ප්‍රාථමික සෞඛ්‍යසේවා පද්ධතිය සවිබල ගැන්විමේ ව්‍යාපෘතිය සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.
චන්දන සමරවික්‍රම