ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්


හෙට (26) පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා පැය 9 ක කාලයක් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයට ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කර සිටියි.

ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල සිංහපුර, ඇත්ගාල ආරාම පාර, ඇත්ගාල ලක්ෂ පිහිල්ල 1 වන පටුමග, 2 වන පටුමග, ඇත්ගාල බංගලාව පාර ජයමාල රීජන්සි ටෙරස්, ජයමාලි පුර 6 වන පටුමග ඉහළ කොටසට මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට නියමිතයි.

මේ අතර, වත්තල ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 10.00 සිට අඟහරුවාදා පෙරවරු 10.00 දක්වා පැය 24 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බවද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.

වත්තල - මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට මෙලෙස ජල සැපයුම අත්හිටු වනු ඇතියි.



Recommended Articles