ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවිම්


කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවුසවේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, දැරණියගල, දෙහිඕවිටවරකාපොළ , අරණායක බුලත්කොහුපිටිය, යටියන්තොට, මාවනැල්ල , රුවන්වැල්ල සහ කෑගල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප්‍රදේශවලට මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල, කුරුවිට සහ අයගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ද නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර  තිබේ.

 

 



Recommended Articles