ප්‍රදේශ කිහිපයකට තද වැසි


සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර, වව්නියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රීයේ වැසි ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු වැසි බලාපොරොත්තු විය හැකි බවය.

බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන උදෑසන කාලයේ දී වැසි ඇති වේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකිය.



Recommended Articles