ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි


මාලිම්බඩ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අනිද්දා (17) පැය 8ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ,

මාතර ජල සම්පාදන ක්‍රමය - කැකනදුර, වේරහේනදෙවිනුවර ජල සම්පාදන ක්‍රමය - තල්පාවිල, කැකනදුර, ගන්දර ප්‍රදේශ
කෝට්ටේගොඩ ජල සම්පාදන ක්‍රමය - කෝට්ටේගොඩ, රත්මලේ, හුන්නදෙනිය, පාතේගම දික්වැල්ල ජල සම්පාදන ක්‍රමය - දික්වැල්ල, කුඩාවැල්ල

ඉහත ප්‍රදේශවලට 17 වනදා පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
 

 



Recommended Articles