ප්‍රදේශ කිහිපයක මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක්


දිවයිනට බස්නාහිර, නිරිත සහ දකුණු දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (14) සවස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති එම නිවේදනය අද දිනට ද වලංගු වේ.

ඒ අනුව එම ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි මුහුදු රළ මීටර් 2.5 - 3 ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී.

ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද දැනුම් දෙයි.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 30 - 40 දක්වා වැඩි වේ.

 



Recommended Articles