ප්‍රථම කාන්තා DIG - බිම්සානි


ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා පොලිස් නිලධාරිනියක් නියෝජ්‍ය පොලිස්පතිනියක ලෙස උසස් කිරීමට ජාතික පොලිස් කොමිසම අනුමැතිය ලබා දී තිබේ.

ඒ සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන්ගේ නම් 09 ක් ඉදිරිපත් කරමින්, නියෝජ්‍ය පොලිස්පති තනතුර සඳහා ඉන් නමක් අනුමත කරන ලෙස වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා ඇත.‍

ඒ අතර සිටි ජ්‍යෙෂ්ඨතම පොලිස් අධිකාරිනිය වන පොලිස් දෙපාර්තමේන්තුවේ ළමා හා කාන්තා කාර්යාංශයේ කටයුතු කළ, බිම්සානි ජාසිංආරච්චි මහත්මියගේ නම ඒ සඳහා තෝරාගෙන තිබේ.



Recommended Articles