ප්‍රතිදේහ එන්නත් වංචාවට තවත් වෛද්‍යවරයෙක් අල්ලයි


ව්‍යාජ ලේඛන යොදාගෙන ප්‍රතිදේහ එන්නත් සපයා වංචා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෛද්‍යවරයෙක් අත්අඩංගුව ගෙන තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් නියමිත ක්‍රම වේදයෙන් තොරව HUMAN IMMUNOGLOBULIN නැවැති ප්‍රතිදේහ එන්නත් ව්‍යාජ ලේඛණ යොදා ගනිමින් වෛද්‍ය සැපයුම් අංශය වෙත සපයා වංචා කිරීම සම්බනධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති විමර්ශනවලට සමගාමීව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (13දා) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමට පැමිණි වෛද්‍යවරයෙක් ව්‍යාජ ලේඛන යොදා ගෙන ප්‍රතිදේහ එන්නත් සපයා වංචා කිරී සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 56ක් වන කැළණිය පදිංචිකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles