ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් 5ට අඩුවෙයි


රෝහල්ගතව හෝ නිවෙස් තුළ ප්‍රතිකාර ලබාගන්න සමස්ත කෝවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය 05ක් පමණක් බවත්, මේ මස 30වැනිදායින් පසු කෝවිඩ් මරණ වාර්තා වී නොමැති බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ අනුව පෙරේදා දිනය තුළදී එක් කෝවිඩ් රෝගියෙකු පමණක් වාර්තා වී තිබෙන අතර, පසුගිය 02වැනිදා හා 01වැනිදා රෝගීන් වාර්තා වී නොමැති නමුත් පසුගිය 30වැනිදා රෝගීන් දෙදෙනෙකු වාර්තා වී ඇත.

එසේම 29වැනිදා රෝගීන් වාර්තා වී නොමැති අතර, 28වැනිදා එක් රෝගියෙක් හා 27වැනිදා රෝගීන් දෙදෙනෙකු වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඒ අතරම සමස්ත කාලය තුළදී කෝවිඩ් රෝගය නිසා පුද්ගල මරණ 16,879ක් වාර්තා වී තිබේ.

සමස්ත මරණ සැලකීමේදී පිරිමි පුද්ගලයන් 9,516ක් මිය ගොස් තිබෙන අතර, කාන්තාවන් 7,363ක් මියගොස් ඇත. සමස්ත කාලය තුළදී මෙරටින් කෝවිඩ් රෝගීන් 672,543ක් වාර්තා වී ඇත. 



Recommended Articles