ප්‍රංශයේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මත්තල ගුවන් තොටුපළට


ප්‍රංශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් 9/04 දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන විශේෂ ගුවන් යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට 9/04 දින දහවල් 1.15 ට මෙම මගීන් පිරිස රැගෙන මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මීට අමතරව භූතානයේ පාරෝ නුවර සිට ඩෘක් ගුවන් සේවයේ ( Druk Air) කේ.බී.- 602 දරන ගුවන් යානයෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරන උපාධි භූතාන ජාතික උපාධි අපේක්ෂකයන්  80 දෙනෙකු  9/04 දින උදෑසන 10.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි



Recommended Articles