ප්‍රංශයේ ඉහළම සම්මානය චන්ද්‍රිකාට


ප්‍රංශ රජය විසින් පිරිනමන ඉහළම සම්මානය වන  Commander of the Legion of Honour සම්මානයෙන් හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පිදුම් ලබා තිබේ.

ඒ අනුව එම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ලාංකිකයා වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජෝන් මාරින් මහතා ප්‍රංශ ජනපති වෙනුවෙන් මෙම සම්මානය හිටපු ජනපතිට පිරිනැමීය. 



Recommended Articles