ප්‍රංශ ක්‍රීඩිකාවන් 250ක් “රේඩ් ඇමේසන්” සඳහා දිවයිනට


ශ්‍රී ලංකාවේ පැවැත්වෙන "රේඩ් ඇමේසන් " 20 වැනි ක්‍රීඩා තරගාවලිය සදහා සහභාගී වීම සදහා ප්‍රංශ ජාතික කාන්තා ක්‍රීඩිකාවන්  250 දෙනෙකු අද (14දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වූ පසුගිය වසර දෙකක කාළය තුළ නොපවැත්වූ අතර , එම කාළයෙන් පසුව, මෙම ක්‍රීඩා තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට , මෙම ජාත්‍යන්තර තරග සංවිධායකයන් තෝරා ගෙන තිබීම , ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට ද ඍජුවම ඉවහල් වන සිදුවීමකි .

මෙම ක්‍රීඩා තරගාවලිය සදහා ප්‍රංශයෙන් පමණක් ක්‍රීඩිකාවන් 600 ක දෙනෙකු සහභාගී වීමට නියමිතය. තරගාවලිය අදියර දෙකක් යටතේ , ඓතිහාසික සීගිරිය පුරවරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය .

ඒ අනුව එළඹෙන මාර්තු16 සිට 22 දක්වා පළමු අදියරත් , 22 සිට අප්‍රේල් 04 දක්වා මෙම ක්‍රීඩා තරගාවලියේ දෙවන අදියරත් පැවැත්වීමට නියමිතය .

මෙම ක්‍රීඩිකාවන් පිරිස අද අලුයම 04.15 ට ප්‍රංශයේ පැරිස් නුවර සිට , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 564 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූ අතර , එම ගුවන් යානය පැදවූ පළමු සහ සහායක ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු අනෙකුත් සියලුම  කාර්යය මණ්ඩලය ද කාන්තාවන් වීම ද විශේෂත්වයකි .


               



Recommended Articles