පළිගැනීම් සොයා බලන කමිටුව වෙත අභියාචනා 6952 ක්


රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුව වෙත මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 ක් බවත් ඉන් අභියාචනා 2365ක් කමිටුව වෙත සෘජුවම ලැබී ඇති බවත් කමිටු ආරංචි මාර්ග පවසයි

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍ර අංක 02හි කාමර අංක 123 හි දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින 23 කමිටුව වෙත ලැබුණු පැමිණිලි පරීක්ෂා කර බැලීම ආරම්භ කෙරිණු අතර එහිදී පැමිණිළි 6952 ලැබී ඇති බවට ගණන් බැලු බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රවාහණ අමාත්‍ය ගාමිණි ලොකුගේ සභාපතීත්වයෙන් යුතුව ඉහත කමිටුවපසුගිය දා  පත් කෙරිණි.




Recommended Articles