පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හෙට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්


පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් හෙට (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින් පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව හෙට අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.

 



Recommended Articles