පළාත් සභා පාසල් 27ක් ජාතික පාසල් වේ


මොනරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටි ඌව පළාත් සභාව යටතේ පාලනය වන පාසල් 27 මධ්‍යම රජය යටතේ ජාතික පාසල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකර ඇතැයි මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පා.ම කුමාරසිරි රත්නායක මහතා පැවසීය.

පළමු අදියර යටතේ බිබිල අධ්‍යාපන කලාපයේ මඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය,මොනරාගල අධ්‍යාපන කලාපයේ සියඹලාණ්ඩුව මධ්‍ය මහා විද්‍යාලය,තණමල්විල අධ්‍යාපන කලාපයේ සෙවනගල මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල් බවට පත්කිරීම අප්‍රේල් මස 29 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකෙරේ.

ජාතික පාසල් බවට පත්කෙරෙන අනෙකුත් පාසල් මෙසේය,

බිබිල අධ්‍යාපන කලාපයේ- යශෝධරා ම.වි,අල්පිටිය ම.වි,ඔබ්බේගොඩ ම.වි,ඉඟිනියාගල ම.වි,නන්නපුරාව ම.වි,බකිනිගහවෙල මුස්ලිම් ම.වි,ධර්ම ප්‍රදීප (මහාමාත්‍ය) ම.වි,මොනරාගල අධ්‍යාපන කලාපයේ- මැදිරිය රාජ්‍යානන්ද ම.වි,මාලිගාතැන්න ම.වි,වැඳිකුඹුර විද්‍යාලෝක ම.වි,විපුලානන්ද දෙමළ ම.වි,ඇතිමලේ ම.වි,දොඹගහවෙල ම.වි,පල්ලේවෙල ම.වි,වැල්ලවාය අධ්‍යාපන කලාපයේ-ඔක්කම්පිටිය ම.වි,පැල්වත්ත නවෝද්‍යා ම.වි,ඇතිලිවැව ම.වි,බුදුරුවගල ම.වි,කුමාරදාස ම.වි,තණමල්විල අධ්‍යාපන කලාපයේ- මහගම සෝමාදේවී ම.වි,කිරිඉබ්බන් වැව බණ්ඩාරනායක ම.වි,හම්බේගමුව ම.වි,කොටවෙහෙර මංකඩ ම.වි,කොවුල්ආර ම.වි

මොනරාගල සුමනසිරි ගුණතිලක


Recommended Articles