පළාත් සභා ජන්දයට මැතිවරණ සංශෝධන කඩිනමින් ගෙනවා


පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මැතිවරණ සංශෝධන කඩිනමින් සිදුකරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව සලකා බලන්නේ රටේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.

රටේ ජනතාවට පළාත් සභා මැතිවරණයක අවශ්‍යතාව පෙනෙන්නට නැතැයි ද ඊට හේතුව ශ‍්‍රී ලංකාවේ අද පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසා විය හැකි යැයි ද අග‍්‍රාමාත්‍යවරයා පැවසීය.



Recommended Articles