පළාත් පාසල් 809ක් නාම මාත්‍රිකව ජාතික පාසල් කරලා


මේ දක්වාම ශ්‍රී ලංකාවේ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව කෝපා කමිටුවේදී අනාවරණය වෙයි

හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස්කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස්

පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ ජාතික පාසැල් ප්‍රමාණය 1000 දක්වා සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් කෝපා කමිටුව වාර්තාවක් කැඳවයි.

ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතිය (NEMIS) සම්බන්ධයෙන් අවධානය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වර්තමානයේ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කෝපා කමිටුවෙන් පැසසුම්.

මේ දක්වාම ශ්‍රී ලංකාවේ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (COPA) අනාවරණය විය.

මේ පිළිබඳ අනාවරණය වූයේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA)  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් රේඛීය අමාත්‍යාංශයේ සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ අවස්ථා කිහිපයකදී ලබා දී ඇති මගපෙන්වීම අනුව කටයුතු කළද මෙරට තුළ අනුමතවූ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ වන විටත් නොමැති බවයි. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විවිධ අවස්ථාවල අධ්‍යාපනය සම්බන්ධයෙන් විවිධ නිර්දේශ ලබා දුන් බවත් ඒවායින් ඇතැම් නිර්දේශ පමණක් ක්‍රියාත්මක වී ඇති බවත් මෙහිදී නිලධාරීහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මේ සම්බන්ධයෙන් කෝපා කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ මෙය අතිශයින්ම කණගාටුවට කාරුණක් බවයි. රටක අධ්‍යාපනයේ වර්ධනය එම රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණක් බවත් වර්තමාන රජයේ මූලික අරමුණ වී ඇත්තේ මෙරට අධ්‍යාපනය වඩාත් සාධනීය තලයකට ඔසවා තැබීම බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. එබැවින් මෙතෙක් පැවති පාලනයන්ගේ මෙම දුර්වලතාව මගහරිමින් හැකි ඉක්මනින් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදීම මෙහිදී සිදු විය.

එසේම පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) නිර්දේශ කළේය. මෙහිදී අන‍ාවරණය වූයේ “ජාතික පාසැල් 1000 ක් දක්වා වැඩි කිරීමේ වැඩසටහන” සම්බන්ධයෙන් පසුගිය රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ සාර්ථක වී නොමැති බවයි. මෙම වැඩසටහන යටතේ පාසල් 23ක් පමණක් ජාතික පාසල් බවට පත් කරමින් මෙම වැඩසටහන අතරමග නැවතී ඇති බවත් මෙහිදී අනාවරණය විය.

එසේම පළාත් පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කිරීම සඳහා නාමපුවරු සැකසීම වෙනුවෙන් රු. මිලියන 2.42ක මුදලක් නිෂ්කාර්‍යව වැයකොට ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා නාම මාත්‍රිකව පාසල් 809ක් ජාතික පාසල් ලෙස නම් කර ඇති බවත් මෙහිදී අනාවරණය විය. මේ නිසා මේ සම්බන්ධයෙන් සහ රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ආරම්භ කළ ව්‍යාපෘති 72ක් සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. මෙහිදී පැමිණි නිලධාරීන් පෙන්වා දුන්නේ දැනට පවතින රජයේ ප්‍රතිපත්තිය මත ජාතික පාසල් සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු නොකරන අතර සියලුම පාසල් දියුණු කිරීම වෙනුවෙන් අමාත්‍යාංශය කටයුතු කරන බවයි.

එසේම මෙහිදී ජාතික අධ්‍යාපන කළමනාකරණතොරතුරු පද්ධතිය (NEMIS) සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමු විය. කාරක සභාව පෙන්වා දුන්නේ මේ පිළිබඳ 2024 වර්ෂයේදීද කෝපා කමිටුවේ සාකච්ඡා කර ඇති බවයි. මෙම දත්ත පද්ධතියේ යාවත්කාලීන තොරතුරු නොමැති බව එහිදී අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයේ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ඉක්මනින් කටයුතු කිරීම වැදගත් බවත් මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේය.

එසේම මෙම දත්ත පද්ධතිය ක්‍රියාත්ම කිරීම සඳහා ගවිසුම්ගතවූ ආයතනය අදාළ පිරිවිතරවලට අනුකූලව පරිගණක උපකරන ලබා නොදීම හේතුවෙන් අමාතයාංශය විසින් මුදල් ගෙවීමට කටයුතු කර නොතිබුණි. මේ නිසා මෙම ලැප්ටොප් පරිගණක 328ක් සම්බන්ධයෙන් සැපයුම් ආයතනය නඩු පැවරීම හේතුවෙන් වසර 2 මාස 4ක් ගබඩාවේ තාක්ෂණික තත්ත්වයෙන් බැහැරවෙමින් භාවිතයට නොගෙන පැවතීම සම්බන්ධයෙන්ද මෙහිදී කමිටුව අනාවරණය කළේය.

වද අදාළ පනත් ප්‍රකාරව අද්‍යාපන අමාත්‍යාංශය සතු ඉඩම් වෙනත් පුදුගලයන්ට බදු දීමට බස්නාහිර පළාත්සභාවට නෛයිතික හැකියාවක් නොතිබියදී පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව පර්චස් 40 ක ඉඩමක් හා ගොඩනැගිල්ලක් බදු දීම සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යෙ‍ාමු විය. මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කිරීම සිදු වූ අතර පාසල් සතු සියලු ඉඩම් ඉක්මනින් නිරවුල් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කාරක සභාව නිර්දේශ කළේය. ‍එසේම මෙම සියලු දත්ත සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසද කෝපා කාරක සභාව නිර්දේශ කළේය.

මීට අමතරව හම්බන්තොට මහානාග ජාතික පාසලේ සහ මීරිගම පල්ලෙවෙල මහා විද්‍යාලයේ ඉදිකරන ලද තාක්ෂණික විද්‍යාගාරවල ගොඩනැගිල්ලේ ඉරිතැලීම් ඇති වී ඇති බවත් මීට හේතුව විද්‍යාගාරවල ව්‍යුහාත්මක සැලැස්මේ පැවති අඩුපාඩු බවත් විශේෂ



Recommended Articles