පළාත් පාලන මැතිවරණයට ගැසට් නිවේදනය නිකුත් කරයි


පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වනදා පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර තිබේ. ඒ ඒ දිස්ත්‍රික්කය භාර තේරීම්භාර නිලධාරීන් විසින් මෙම ගැසට් නිවේදන නිකුත් කර තිබේ.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම මාර්තු මස 9 දා පෙරවරු 7 සිට පස්වරු 4 දක්වා පැවැත්වීමට නියමිතය. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයින් 80, 720 දෙනෙකු තරග කරයි.

එම අපේක්ෂකයින් පිළිගත් දේශපාලන පක්ෂ 58 කට සහ ස්වාධීන කණ්ඩායම් 329කට අයත්ය.



Recommended Articles