පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ රජයේ සේවකයන් මූලික වැටුප ගෙවයි


පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් රජයේ නිලධාරීන්ගේ මූලික වැටුප ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් අපේක්ෂකයන් ලෙස රාජ්‍ය සේවකයන් 3000ක් පමණ නාම යෝජනා භාර දී ඇති බවත් ඔවුන්ට වැටුප් රහිත නිවාඩු ලබාදී ඇති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

කෙසේ වෙතත් මැතිවරණය කල් යෑම හේතුවෙන් ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිලිබඳව අවධානය යොමුකරමින් ඔවුන්ගේ මූලික වැටුප් ගෙවීමට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.



Recommended Articles