පළාත් පාලන මැතිවරණ දිනය ඇතුළත් ගැසට් නිවේදනය අද මුද්‍රණාලයට


පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ඇතුළත් දැන්වීම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා අද (30) දිනයේ රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මාර්තු මස 9 වනදා පළාත්පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ දැන්වීම සියලුම දිස්ත්‍රික්කවලින් මැතිවරණ කොමිසම් සභාව වෙත මේ වන විට ලැබී තිබේ.

ඒ අනුව අදාළ දැන්වීම මගින් ඡන්ද විමසීම සිදුකරන දිනයට අමතරව වේලාව, ඊට තරග කරන දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් වන බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

 



Recommended Articles