පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරිමට යෝජනා කිහිපයක්


පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.

සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්,  ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සදහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට මෙම යෝජනා ඉදිරිපත් වි තිබේ.

පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය සමාලෝචනය කිරීමේ කමිටුවේ වාර්තාව පිළිබද මෙහිදි අවධානය යොමු කෙරුණි.

පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කළ යුතු බව එහි යෝජනා වී තිබෙනවා.

කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක්  පළාත් පාලන ආයතනයක නියෝජනයක් ලබා ගැනීමට නම් ඔවුන් වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 25% ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත යුතුයි.

මෙම කමිටුව නිර්දේශ 12 ක් ඉදිරිපත් කර තිබෙනවා.

 

 



Recommended Articles