පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි


බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට හා ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

මීට අමතරව උතුරු, උතුරුමැද, සහ වයඹ පාලත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ද පැයට කිලෝමීටර් 40 – 50 අතර තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.



Recommended Articles