පළාත් කිහිපයකට අදත් වැසි


උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තදවැසි ද ඇතිවිය හැකිය.

සෙසු ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 වැඩි තරමක් තදවැසි ද ඇතිවේ.

දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

 



Recommended Articles