පළාත් කිහිපයකට අදත් වැසි


නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් යාපනය, මුලතිව් සහ වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව අද (25) උදෑසන 05.30 ට නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ.

 



Recommended Articles