පළාත් කිහිපයකට අද වැසි


සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මඩකලපුව, අම්පාර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක උදය කාලයේ දී වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

 



Recommended Articles