පළාත් කිහිපයක ඉදිරියේදි තරමක වැසි තත්ත්වයක්


සබරගමුව ,බස්නාහිර,මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල ,මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි 50ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් ඇති විය හැක.

දිවයින හරහා විශේෂයෙන් උතුරු ,උතුරු - මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට ,ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්කවල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මි 50 -60 දක්වා තද සුළං ඇති විය හැක.



Recommended Articles