පළාත් ආදායම් සේවය මුදල් අමාත්‍යාංශයට


සියලු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේය දේශීය ආදායම් සේවයට ගැලපීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව විසින් මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට අද (04දා) දහවල් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

දෙශීය ආදායම් සේවයේ අහෝසි කරන ලද තක්සේරුකරු, බදු නිලධාරී, තනතුරුවලට සමගාමී සේවයක් වන පළාත් ආදායම් සේවය අහෝසි කර දේශීය ආදායම් සේවා ව්‍යවස්ථාවට සමගාමීව පළාත් ආදායම් සේවය ගලපන ලෙසත්, ආදායම් ඉලක්ක ළඟ කර ගත හැකි පරිදි අදාළ බඳවා ගැනීම් සිදුකරන ලෙසත් උද්ඝෝෂකයෝ මෙහිදී  ඉල්ලා සිටියහ.

වසර 10ක් තිස්සේ ජනාධිපතිවරුන්ගෙන්, අගමැතිවරුන්ගෙන්, මුදල් ඇමතිවරුන්ගෙන් මෙම ඉල්ලීම් සිදු කළ බවද ඔවුහු පවසා සිටියහ.

ඡායාරූ- ඉසුරු පෙරේරා



Recommended Articles